FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පක්ෂ සියල්ලේම ගිණුම්, ව්‍යවස්ථා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට පවතින දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කළ බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරුවලට අදාළ පුරවැසි ඉල්ලීම් දිනෙන් දිනම වැඩි වන බැවින් ඔවුන්ට පහසුවෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
එම තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවත් , අදාළ දැනුවත් කිරීම සදහා ප්‍රතිචාර සතියක් ඇතුළත බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා සදහන් කළේය.
ඒ අනුව ඉදිරි සති 02 ඇතුළත මෙම තොරතුරු මහජන ප්‍රසිද්ධිය උදෙසා අදාළ වෙබ් අඩවියට ඇතුළත් කරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.