FAST NEWS

24×7 Around the Globe

සවස් භාගයේ දිස්ත්‍රික්ක කීපයකට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) පස්වරු 2.00 න් පසු දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙන් දැක්වෙයි.
මීට අමතරව නැගෙනහිර සහ ඌව පලාත්වල මෙන්ම පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලද විටින් විට තරමක වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.