FAST NEWS

24×7 Around the Globe

තාවකාලිකව අත්හිටවූ කොළඹ – පකිස්ථාන ගුවන් ගමන් හෙට (05) සිට යළිත්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති යම් උණුසුම්කාරී තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ සිට පකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් හෙට (05) යළි ආරම්භ කෙරෙනු ඇත.
දෙරට අතර පැවති තත්ත්වයත් සමග සිය සමස්ත ගුවන් කලාපය වසා දැමීමට පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමද කොළඹ සිට ලාහෝර් සහ කරච්චි දක්වා වන ගුවන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවේය.