FAST NEWS

24×7 Around the Globe

අනුර කුමාර සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ලබන බදාදා පස්වරු 4.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඊයේ (03) පස්වරුවේ දී කුරුණෑගල පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව අනාවරණය කළේය.
මෙහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කරන බව ජවිපෙ නායකයා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ සහය ලබා ගැනීම එහි මූලික අරමුණ වෙයි.