FAST NEWS

24×7 Around the Globe

කංජීපානිගේ සගයින් තිදෙනෙක් අල්ලයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම පුද්ගලයන් තිදෙනා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, කේරළ ගංජා කිලෝ 1 1/2කට ආසන්න ප්‍රමාණයක්  තිබී සොයාගෙන ඇති බවද පැවසේ.