FAST NEWS

24×7 Around the Globe

මුන්නේෂ්වරම් වාර්ෂික සත්ත්ව බිලිපූජාවට මෙවර තිත.

මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික මහා සත්ත්ව බිලිපූජාව මෙම වසරේදීද නොපැවැත්වෙන බව ප්‍රධාන පූජක සිවපාක්‍ය සුන්දරම් පවසයි.

හලාවත ප්‍රාදේශීය සභාව මෙම බිලිපූජාව පැවැත්වීම සඳහා අවසරය ලබාදී නොතිබීම මීට හේතුවයි.

පෙර අවස්ථාවලදී කිසිදු බාධාවකින් තොරව සතුන් බිලිදීම සිදුවූවත් විවිධ සංවිධාන මැදිහත්ව සතුන් බිලිදීමට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම ඒ සම්බන්ධයෙන් මහජන මතයක් ඇතිකිරීමටද හේතුවිය.තීන්දුව ලබාදුන් හලාවත දිසා අධිකරණය නියෝග කළේ පළාත් පාලන ආයතනයේ අවසරය ඇතිව මෙම බිලිපූජා පවත්වන ලෙසය.

හලාවත ප්‍රාදේශීය සභාවෙන් මේ පිළිඹද විමසූ විට එහි බලධරයින් ප්‍රකාශ කළේ මෙම අවසරය ලබාදිය යුතු හලාවත ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය අධිකාරීවරිය එම අවසරය ලබාදී නොමැති බැවින් සතුන් බිලිදීමට අවසර ලබානොදුන් බවය.

‘‘සතුන් ඝාතනය කරන්න අවසර ලබාදෙන්න නම් කොන්දේසි 6 ක් පිළිපැදිය යුතු බව අපි දේවාලයේ පූජකයින්ට දැනුම්දීලයි තිබෙන්නේ.නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.ඒ නිසා බිලිපූජාවට අවසර ලබාදීම අපහසුයි.‘‘ හලාවත ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකවරිය වන සන්ධ්‍යා හේරත් මහත්මිය පැවසුවාය.