FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙක් මාලදිවයිනේදී අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හලාවතින් මුහුදු ගිය යාත්‍රා 04 ක සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට පත්ව ඇත.
අදාළ ධීවරයන් පිරිස නිදහස් කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මාලේ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කල බව ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කළ්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කළාය.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 20 ක් වැනි දුරකින් මෙම පිරිස ධීවර කටයුතුවල නිරත වී ඇති බැවින් කඩිනමින් නිදහස් කරගැනීමට හැකිවනු ඇති බව හේවාපතිරණ මහත්මිය සදහන් කළේය.