FAST NEWS

24×7 Around the Globe

කංජිපානිගේ ගෝලයෙකු වන ‘අබූ’ අයිස් තොගයක් සමග STF අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපාන ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන සහයකයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ තියුණු ආයුධයක් සමග පොලිස් විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රහුමාන් රහීම් නොහොත් ‘අබූ’ නමින් හඳුන්වන මෙම සැකකරු කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් විශේෂ විශේෂ කාර්යය බළකාය සදහන් කළේය.