FAST NEWS

24×7 Around the Globe

සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔහු පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව ප්‍රකාශ කර දිනකට පසුව මෙම තහනම් කිරිම සිදු කිරිමත් සුවිශේෂී බව එම මාධ්‍ය කියයි.
ඔහු පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.
2017 වසරේදී අමෙරිකාව, හම්සා බින් ලාඩන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේය.