FAST NEWS

24×7 Around the Globe

තංගල්ල හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන්ගේ අභියාචනය යළි කැදවයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වසරක සිර දඩුවම් නියමවී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුලු විත්තිකරුවන් පස්දෙනා ඉදිරිපත් කල අභියාචනා පෙත්සම ලබන 05 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ රුසියානු පෙම්වතිය දූෂනය කිරීමේ සිද්ධියට එරෙහිව මොවුන්ට චෝදනා එල්ල වෙයි.
අදාළ පෙත්සම ශිරාණි ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරන විනිසුරුවරුන් හමුවේ අද (01) කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගත්හ.
2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂනය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවම් නියම විය.