FAST NEWS

24×7 Around the Globe

නෝර්වේ විදේශ ඇමතිනිය නිළ සංචාරයක් සදහා දිවයිනට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෝර්වේ විදේශ ඇමතිනී මේරිඈන් හේගන් දෙදින නිල සංචාරයක් සඳහා මේ මස 05 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
සංචාරය අතරතුර ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර හමුවී සාකච්ඡා කිරිමට නියමිතය.
මේ අතර උතුර ප්‍රදේශයේ සිදුකරන බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් නිරීක්ෂණය කිරීමටද මේරිඈන් හේගන් එක්වනු ඇති බව එරට තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.