FAST NEWS

24×7 Around the Globe

ගෝඨාගේ නඩුව මාර්තු 15තෙක් කල්යයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් මාර්තු මස 15 වැනිදා යළි කැඳවන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (01) නියම කළේය.

මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය .

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බව ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනාවයි.