FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ ගින්නක්.

ජාතික රෝහලේ එක්ස්රේ අංශයේ ඇති වු දුමාරයට හේතුව එහි ඇති වු විදුලි කාන්දුවක් බව පැවසේ. රෝහලේ ප්‍රධාන එක්ස් කිරණ අංශයේ වායු සැකසුම් යන්ත්‍රයක ඇති වු විදුලි කාන්දුව හේතුවෙන් අධික දුමක් ඇති වු බවත් එයින් ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නිමා දැමු බවත් කියති.

ලොකු දුමාරයක් එක්ස්රේ කාමරයෙන් ඉහළට නැගි ඇතත් ගින්නේ එක්ස්රේ යන්ත්‍ර වලට කිසිදු හානියක් වී නැතැයි ජාතික රෝහලේ නිලධාරියෙක් පැවසුවේය.