FAST NEWS

24×7 Around the Globe

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන වසර 03 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර එය තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබේ.
ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟත්වයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වෙයි.
ඒ අනුව ණය මුදලේ 06 වන වාරිකය මුදාහැරීමටද මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.