FAST NEWS

24×7 Around the Globe

දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා අසත්‍යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව සන්නිවේදන රෙගුලාසි යටතේ සියලුම දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් , පාරිභෝගිකයන්ගේ දුරකථන ඇමතුම් පටිගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වාර්තා වී තිබූ බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගන්නා ඇමතුම් සහ පණිවුඩ ද නව සන්නිවේදන රෙගුලාසි වලට අනුව අධීක්ෂණය වන බව අදාළ පුවත් හරහා පළවී ඇත.
එවැනි ආකාරයේ කිසිදු අධීක්ෂණයක් හෝ පටිගත කිරීමක් සිදුනොවන බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.