FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අ.පො.ස උසස් පෙළ සිසුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සදහන් කරයි.
මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කර ඇති අතර දිවයිනේ සියලුම පාසල්වලට කාණ්ඩ කිහිපයක් යටතේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම ලබන සති දෙක ඇතුළත අදාළ කම්ටුව හරහා තීරණය කරනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
2019 වසර අවසානයට පෙර සියලු පාසල් සඳහා මෙම ටැබ් පරිගණක යන්ත්‍ර  ලබා දීම අරමුණ වී ඇතැයිද  අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.