FAST NEWS

24×7 Around the Globe

කොළඹ සහ කරච්චි අතර ගුවන් ගමන් අදත් අවලංගුයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියන් – පාකිස්ථාන අර්බුධකාරී තත්ත්වය මූලික කර ගනිමින් වසා දැමුණු පකිස්ථාන ගුවන් කලාපය හේතුවෙන් අද (01) දිනයේත් කොළඹ සහ කරච්චි අතර ගුවන් ගමන් අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ සිට කරච්චි බලා අද දිනයේ ගුවන්ගත වීමට නියමිතවූ යූ එල් 183 ගුවන් වාරය සිදු නොකරන බව ශ්‍රී ලංකන් සේවය ජනතාවට දැනුම් දෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉල්ලා සිටින්නේ කරච්චි දක්වා ගමන් කිරීමට අද දිනයේදී ප්‍රවේශපත්‍ර වෙන් කර ගත් මගීන්ට සිය සංචාරක නියෝජිතයන් අමතන ලෙසටයි.