FAST NEWS

24×7 Around the Globe

දකුණ සහ බස්නාහිර ඇතුළු පළාත් කීපයකට වැසි හා සුළං…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දිනයේදී නැගෙනහිර, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම පළාත්වලට තද සුළං තත්ත්වයක්ද බලපෑමට ඉඩ තිබේ.
මීට අමතරව අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සිට දින 05 ක් ඉහල කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘත කර තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.