FAST NEWS

24×7 Around the Globe

ඇණහිට තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ)- ඊයේ (28) පෙරවරුවේ දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ රාත්‍රිය වනවිට යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ්ය.
ඊයේ අලුයම ගාල්ලේ සිට පැමිණි අංක 380 දරණ බලවේග කට්ටල දුම්රිය කළුතරදී පීලිපැනීමට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇණහිට තිබුණි.