(ෆාස්ට් නිව්ස් |කොළඹ) – දකුණු අප්‍රිකා ආරාධිත XI කණ්ඩායම සමඟ බිනෝනිහිදී අද (28) පැවති පුහුණු එක්දින තරගයෙන් කඩුලු 06 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 48 කදි සිවලු දෙනා දැවි ලකුණු 304 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණිඩායම පන්දුවාර 41 කදී කඩුලු 04 ක් දැවි ලකුණු 307 ක් රැස් කරමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවිමේදි ලසිත් මාලිංග ලකුණු 35 කට කඩුලු 05 ක් හා කසුන් රාජීත ලකුණු 36 කට කඩුලු 02 ක් බිඳ හෙළුහ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැන් ටොන්ඩර් ලකුණු 164 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 72 ක් හා ඔෂද ප්‍රනාන්දු ලකුණු 63 කි රැස් කළහ.
ලකුණු පුරුව..










