FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වූවන්ගේ කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) තමන් ඉදිරිපත් කළ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සළසන ලෙස අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කරයි.
මෙම කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කළ අතුරු වාර්තාව හරහා අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල් සඳහා අතුරු සහන යෝජනාවලියක් සහ සත්‍ය සොයාගැනීම මෙන්ම යුක්තිය පසිඳලීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කළ බවත් එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා මේ වනවිට වසරක් ගතවන අතර, ඒ වෙනුවෙන් මාර්තු මාසය තුළ වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇතැයිද සාලිය පීරිස් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.