FAST NEWS

24×7 Around the Globe

කෝට්ටේ හිටපු නගරාධිපතිට එරෙහි නඩුව කල් යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මැයි 27 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විදෙස් ගතව ඇති බැවින් නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ එහි උප නගරාධිපති ලෙස ක්‍රියා කළ මධුර විතානගේ ගේ නිල කාමරයට අයුතු ලෙස ඇතුළු වී ඔහුගේ පරිගණකයේ තිබූ දත්ත සොරකම් කිරීම තුලින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ජනක රණවකට එරෙහිව මෙම නඩුව පැවරීය.