FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් නඩුව මැයි 21 දක්වා කල්යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි 21 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවට සහභාගි වන බැවින් මෙම නඩු විභාගය කල් තබන ලෙස රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය .