FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) එළඹෙන 02 වැනිදා පස්වරු 09 සිට ඉරිදා පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් කොළඹ කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
එසේම අදාළ කාලය තුල කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයන්ට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදු කෙරෙන බවද මණ්ඩලය කියයි.