FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) හිඟ වැටුප් කප්පාදු කිරීමට සහ විශ්‍රාම වැටුප් අහිමි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා ගුරුසේවා සංගමය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණියේ බත්තරමුල්ල – බුද්ධදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට සිටයි.
මෙම විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.