(ෆාස්ට් නිව්ස් | කොළඹ)මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනු ලැබුවේය.
මෙලෙස සිය වත්කම් හා බැරකම් ප්‍රදර්ශනය කරනු ලැබුවේ සන්ධානය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර , විදුර වික්‍රමනායක සහ තාරක බාලසූරිය , එජාපයේ එරාන් වික්‍රමරත්න , ටී.එන්.ඒ පක්ෂයේ එම්. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්ය.









