(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉකුත් රජය සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් රහස් පොලිසිය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන 07 වැනිදා දක්වා කල් තැබීමට අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු මඩුල්ල අද (28) නියෝග කළහ.
එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩුවට සහභාගි වීමට අකමැති බව ප්‍රකාශ කළේය.
කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අද (28) අධිකරණයට දන්වා සිටියේය.
චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බව පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප්‍රතිඥාවක් ලබාදීම අපහසු බවය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 07 වනදාට කල් තැබුණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර සිටිති.








