FAST NEWS

24×7 Around the Globe

අලුගෝසු තනතුරට විදේශිකයෙක් බදවා ගැනීමට යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අලුගෝසු තනතුර සඳහා මේ වන විට අයැදුම්පත් 45 ක් පමණ ලැබී ඇති බවත් අදාළ අයැදුම්පත් පරීක්ෂාව අද (28) සිට ආරම්භ කරන බවත් බන්ධනාගාර අමාත්‍යංශය පවසයි.
මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ රැඳවියන් 17 දෙනෙකුගේ නම් ලැයිස්තුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නීතිපතිවරයාගේ නිර්දේශ ද සහිතව ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමට කටයුතු තර ඇත.
ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ වැලිකඩ බන්ධනාගාරය තුළ 1976 වසරේදීයි.