FAST NEWS

24×7 Around the Globe

කෝටි 12 ක වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවෙක් අල්ලයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රුපියල් කෝටි 12 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
28 හැවිරිදි මෙම සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුලියාපිටිය – හෙට්ටිපොල පාර – කඹුරාපොල මංසන්ධියේදීයි.
පසුව කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලට අනුව කුලියාපිටිය අඹගස්ගෙදර , නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පිහිටි මොහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් තොගයක් සොයාගන ලැබීය.