FAST NEWS

24×7 Around the Globe

මධූෂ් හා අමල් ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණය හමුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඩුබායි හිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්ධික වෙල්ලපීලි මහතා කියා සිටියේ අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා හා මුත්‍රා සාම්පල වාර්තා තවමත් ලැබී නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ නීතිඥ ශාබ්ධික ,
“තාම වෛද්‍ය වාර්තා ඇවිත් නෑ කිහන එක තමයි දැනගන්නට ලැබුණේ. මුත්‍රා සාම්පල වාර්තාව කොහොමටවත් ඇවිත් නෑ. ඊයේ (27) උදෑසන රුධිර සාම්පල වාර්තාව ඇවිත් තිබෙනවා කියලා දැනගන්නට තිබුණා. නමුත් මට තාම මේ දෙදෙනාගේ (අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා) තත්ත්වයන් මොකක්ද කියලා දැනගන්නට ලැබුණේ නෑ. අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) අධිකරණයට ඉදිරිපත් කරනවා. මම දෙවැනිදා ඩුබායිවලට යනවා”