FAST NEWS

24×7 Around the Globe

කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන් යානා අත්හිටුවයි – ශ්‍රී ලංකන් ගුවන් සමාගම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට (27) පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තම ගුවන් සේවා නියෝජිතයින්ගෙන් තොරතුරු දැනගන්නා ලෙස ගුවන් සමාගම මගීන්ට දැනුම්දෙයි.