FAST NEWS

24×7 Around the Globe

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය සැලසුම් කළ සිද්ධිය සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් කාංචනමාලා ගුරණසේකර මහත්මිය අද (27) නියෝග කළාය .

තවද සියලූ පරික්ෂණ අනුව රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් හා රුධිර සාම්පල් සම්බන්ධ වාර්තා ලබා ගැනීම සදහා එම ආයතන වලට පසු විපරම් ලිපි යවන ලෙස මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දී තිබේ

මෙම නඩුව සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වරයා වෙත යවන ලද පරික්ෂන සම්බන්ධ සියලූ  වාර්තා කැදවන ලෙසත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට වැඩිදුරටත් නියෝග කර තිබේ.