FAST NEWS

24×7 Around the Globe

කුලියාපිටිය කොහු කර්මාන්තශාලාවක ගින්නක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) කුලියාපිටිය හෙට්ටිපොල , කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් ගොඩනැගිල්ලක් සහ ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නෙන් සුළු තුවාල ලැබූ කොහු කර්මාන්තශාලාවේ සේවකයින් කිහිපදෙනෙකු කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
හලාවත සහ කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයන්ද මෙහෙයුමට එක්ව සිටින බව වාර්තා වෙයි.