(ෆාස්ට් නිව්ස් | කොළඹ) පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල් (CO-OP Shop) පිහිටුවීම සඳහා “නැණ ශක්ති“ නම් උපකරණ හා මූල්‍ය ආධාර පිරිනැමීමේ උත්සවයක් ඊයේ (26) කර්මාන්ත හා වාණිජ කටයුතු , දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි.
මෙම ව්‍යාපෘතිය යටතේ පාසලකට රුපියල් ලක්ෂ 05 ක මුදලක් පිරිනැමීමට කටයුතු කෙරේ.
මෙම උත්සවය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සමුපකාර සමිතීන්හි ක්‍රියාකාරී සිසු සිසුවියන් හා එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර මෙම උත්සව අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රංජිත් අශෝක, සමූපකාර කොමසාරිස් එස්.එල්. නසීර්, සමූපකාර නායකයින්, සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






