FAST NEWS

24×7 Around the Globe

ඔසාමා බින් ලාඞ්න්ගේ පුතු අවි එසවිමට සැරසෙයි.

ඇමරිකාව හා එහි මිතුරන්ට එරෙහිව ජිහාඞ් යුද්ධයක් ඇරඹිය යුතු බව හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ පුතු හම්සා බින් ලාඞ්න් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ ලන්ඩනය, පැරිසිය, ටෙල් අවිව් සහ වොෂින්ටනය වැනි නගර ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කළ යුතු බවයි.

මේ වන විට වයස අවුරුදු 23-24ක් පමණ වන හම්සා බින් ලාඞ්න් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළ පළමු අවස්ථාවද මෙයයි. මෙම හඬ පණිවුඩය රාමසාන් උත්සවයට පෙර පටිගත කරන ලද්දක් බව පැවසේ.

හිටපු ත‍්‍රස්ත නායකයාගේ කණිෂ්ඨ පුතු අල් කයිඩා සංවිධානයේ නිල සාමාජිකයෙකු ලෙස පෙනී සිටි පළමු අවස්ථාවද මෙය විම විශේෂත්වයකි.

සයිට් බුද්ධි කණ්ඩායමේ අධ්‍යක්‍ෂක රීටා කැට්ස් පවසා ඇත්තේ කාබුල්, ගාසා සහ බැග්ඩෑඞ් සිට බටහිර කරා යුද්ධය රැගෙන යාම හම්සා බින් ලාඞ්න්ගේ අරමුණ වන බවයි.

2011 පකිස්ථානයේ ඇබොටාබාද්හි ඔසාමා රැඳී සිටි බංකරයට ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබූ ප‍්‍රහාරයෙන් ඔසාමා බින් ලාඞ්න් සමග හම්සාද් මිය ගිය බවට නිවේදනය කරනු ලැබූ නමුදු ඒ ඔසාමාගේ තවත් පුතෙකු වූ කාලිඞ් බව පසුව අනාවරණය විය.

හම්සා කෙසේ හෝ පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ. ත‍්‍රස්තවාදයේ ඔටුන්න හිමි කුමරු ලෙස විරුදාවලි ලැබූ හම්සා බින් ලාඞ්න් අල් කයිඩාවේ අනාගත නායකයා වීම ඔසාමාගේ අභිලාෂය වූ බව හෙළිවී තිබේ.