FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි තදබදයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙ වන විට (12.00) කොළඹ පුරහල අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
ඉල්ලීම් 13 ක් මුල් කරගනිමින් අද (27) දිනයේදි උද්ඝෝෂණයක් සිදු කරන බව එම නිලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණි.
මේ හේතුවෙන් පුරහල අවට මාර්ග අවහිර වී ඇති බවත් රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.