FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය අද (27) සිට සතියක් වැසෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (27) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
තාක්ෂණ පීඨයේ ඇති වූ නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් මෙම තීරණය ගත් බව යාපනය විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.
විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨය වෙත නවක සිසුන් බඳවාගෙන ඇති අතර ,එහිදී නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන තිබේ.
මෙම තත්ත්වය සමතයකට පත්වූ විගස පීඨය නැවත ආරම්භ කරන බවද උප කුලපතිවරයා සදහන් කළේය.