FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීට එරෙහි අල්ලස් නඩුවේ පරීක්‍ෂණ අවසන්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව අධිකරණයට වාර්තා කර දිනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලා එම නඩුව ජුලි මස 11 වැනිදා තෙක් කල් තැබීමට නියම කෙරිණි.
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.