FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට පැසසුම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළිගන්නා බව මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරය ආරම්භක දිනයේදිම ප්‍රකාශයක් කරමින් එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කළේය.
එසේම වන්දි ගෙවීම වෙනුවෙන් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමත් එංගලන්තය පිළිගන්නා බව ඔහු සිය ප්‍රකාශයෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සමගි සන්ධානයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ශ්‍රී ලංකාව උනන්දු කරන බවත් ලෝඩ් අහමඩ් වැඩිදුරටත් පැවසීය.