FAST NEWS

24×7 Around the Globe

ලාංකීය සම්භවයක් සහිත හැරෝව් නගරාධිපතිනියට තනතුරින් ඉවත්වීමට බලපෑම්..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත මේ වන විට එංගලන්තයේ හැරෝව් නගරයේ නගරාධිපති ලෙස පත්වී සිටින කරීමා මරිකාර් මහත්මියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
මරිකාර් මහත්මිය පසුගිය වසරේ දී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමගද සාකච්ඡා පැවැත්විය.
හැරෝව් නුවර සිටින දමිළ ජනතාව ඇයට සිය ධුරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් කරනු ලබන්නේ මෙම හමුවීම් සඳහා විරෝධය පළ කරමිනුයි.
ආරක්ෂක අංශ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන විට ඇය හැරෝව් නගරාධිපති නිල ඇඳුමින් සැරසී සිටීමද මේ ආකාරයෙන් විවිධ විරෝධතා එල්ලවීමට හේතු වී තිබේ.
මරිකාර් මහත්මියට විරෝධය දක්වමින් අත්සන් 49 කින් යුත් පෙත්සමක්ද හැරෝව් නගරසභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඇය පසුගිය මැයි මාසයේදී හැරෝව් නගරාධිපති ලෙස තේරී පත්වූ අතර , 2010 වසරේ සිට එම නගර සභාව නියෝජනය කරනු ලබයි.