FAST NEWS

24×7 Around the Globe

ලංකාවට ජංගම පානීය ජල රසායනාගාරයක් ප්‍රදානය කරයි…

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) රට පුරා ගොස් පානීය ජල තත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු රුපියල් මිලියන 25 ක් වටිනා ජංගම රසායනාගාරයක් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින ලෝක බැංකුවේ ජල හා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක වන ප්‍රදීපා මිස්ට්රි විසින් විෂය භාර අමාතය රවුෆ් හකීම් මහතා වෙත එය ප්‍රදානය කරනු ලැබීය.
මෙම ජංගම රසායනාගාරයේ වාර්තා අන්තර්ජාලය හරහා ලබා දීමට හැකිවන අතර අනතුරු සිදුවන ස්ථානයක සිට ක්‍රියාකිරීමට අවශ්‍ය පහසුකම් වලින්ද සමන්විතව ඇත.