FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු පස් දෙනෙකුට ඇප..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි සැකකරුවන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පුතා සහ තවත් පස් දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි සැකකරුවන් 07දෙනෙකු ඇප මත මුදා හැරීමට ඊයේ(25) අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් රසික බණ්ඩාර අලුත්ගමගේ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ ශාලාවේ සිටි ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු සාමාන්‍ය වැසියන් ඉන් ඉවත්කොට අධිකරණ ශාලාව වසා අප්‍රසිද්ධියේ නඩු විභාගය පැවැත්වීමට ද මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබුණි.