FAST NEWS

24×7 Around the Globe

අමල් සහ නදීමාල්ගේ රක්ෂිත බන්ධනාගාර කාලය මසකින් දීර්ඝ වන ලකුණු..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඒ දෙපළ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා සදහන් කරයි.
ඔවුන් දෙදෙනා අනිද්දා (28) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී තවත් මසකට ඔවුන්ගේ රක්ෂිත කාලය දීර්ඝ විය හැකි බවත් වෙල්ලප්පුලි මහතා සදහන් කළේය.
ඩුබායි පොලිසිය විසින් සිදුකරමින් පවතින විමර්ශන අවසන් නොවීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙයි.
තමන් යළිත් එළඹෙන 02 වනදා ඩුබායි වෙත ගොස් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසියට කරුණු ඉදිරිපත් කරන බවත් නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා වැඩිදුරටත් පැවසීය.