(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 29 වැඩි ප්‍රමාණයක් තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 40 හැවිරිදි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(26) මරණීය දණ්ඩනය නියම කළේය.
2017 දෙසැම්බර් මස 11 වනදා කොළඹ 14 එච් ආර් ජෝතිපාල මාවතේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දෙදරු පියෙක්ද බව සදහන්.








