FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නඩුවක් අගෝස්තුවට කල් තැබේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා ජාතීවාදි හැඟීම් දනවන ප්‍රකාශ සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන අගෝස්තු 05 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළේය.
ඥානසාර හිමියන්ව අද (25) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.
එම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සිද්ධියට අදාළ නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව නඩුව අගෝස්තු 05 වැනිදා දක්වා කල් තැබීමට නියම කෙරුණී.