FAST NEWS

24×7 Around the Globe

කොකෙන් ප්‍රකාශ කමීටු වාර්තාව 25 වැනිදා අගමැතිට..(UPDATE)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන කොකෙන් භාවිතා කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශය ගැන විමර්ශනය කිරිමට පත් කළ කමීටුවේ වර්තාව ලබන 25 වැනිදා අග්‍රමාත්‍ය වරයා වෙත භාර දීමට කටයුතු කරන බව එම කමීටුවේ සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
++++++++++++++(update)
කොකෙන් ප්‍රකාශය විමර්ශනය කරන කමීටුව හමුවට ඇමති රන්ජන් පැමීණෙයි..
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොකෙන් භාවිතා කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශය ගැන විමර්ශනය කිරිමට පත් කර ඇති අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුව හමුවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමීණ තිබේ.