FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් මේ වන විට බත්තරමුල්ල – පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 13 කට රජය මෙතෙක් පිළිතුරු ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරනු ලබයි.
මෙම විරෝධතාව නිසා පාර්ලිමේන්තු වටරවුම අසළ සිට ජයන්තිපුර පිවිසුම දක්වා වූ මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.