FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවට එරෙහි සයිටම් උපාධිධාරණියගේ පෙත්සම කල් තැබේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් සයිටම් වෛද්‍ය උපාධිධාරණියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 06 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල අද (21) නියම කළේය.
පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීනි සිසුවිය සඳහන් කර සිටින්නේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව ලියාපදිංචි කරන මෙන් අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවත්,එම නියෝගයට අනුව කටයුතු කරමින් තමන්ට මේ දක්වා ලියාපදිංචි කිරීමට වෛද්‍ය සභාව පියවර ගෙන නොමැති බව පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරිනි දිල්මි සූරියාරච්චි සිසුවිය විසින් අවධාරණය කර තිබේ.
ඒ අනුව මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ඇය තම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීම ලබන මස 06 වනදා සිදු කිරිමට නියමී කෙරුණි.
මෙම පෙත්සමට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මීට පෙර අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.