FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදියාට පහරදුන් කෝපායි ඕ.අයි.සී අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | යාපනය) පසුගිය 19 වනදා මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පසුව ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සදහන් කරයි.
පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන මොහු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 50000 ක ශරීර ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.
කෝපායි ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරුපැදි දෙකක් ගිනිගැනීම පිළිබදව විමර්ශන කිරිමට පැමිණ සිටි වැඩබලන ස්ථානාධිපතිවරයා හා අදාළ මාධ්‍යවේදියා අතර බහින්බස් වීමක් ඇතිවී තිබෙන අතර , පසුව පොලිස් නිලධාරියා තමන්ට පහර දුන් බවට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලිසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නඩුව නැවතත් මාර්තු 26 යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතව ඇත.