FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී ක්‍රියාවල යෙදෙන ධීවර යාත්‍රා නියමුවන්ගේ බලපත්‍ර තහනම් කිරීමට යයි..

 ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් ධීවර කටයුතු සඳහා බලපත්‍ර ලබාගෙන එම යාත්‍රාවලින් නීතිවිරෝධී කටයුතුවල නිරතවන සියලුම ධීවර යාත්‍රා නියමුවන්ට නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර තිබේ.
බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ (20) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
අදාළ සාකච්ඡාවේදී එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමටද තීරණය වී ඇති අතර, ධීවර යාත්‍රා යොදාගනිමින් නීතිවිරෝධී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා වී තිබේ.